සිඩ්නි හි ජනප්‍රිය වෙරළ තීරයක් වන Bronte Beach අද උදෑසන කුණු කසල වලින් වැසි ගොස් තිබෙනවා.
නත්තල සහ බොක්සිං දින නිවාඩුවට සමගාමීව බොහෝ දෙනෙක් වෙරළ තීර වෙත පැමිණ විනෝද වන අතර නිසි පරිදි කසල බැහැර නොකිරීම හේතුවෙන් මෙම තත්වය උත්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රොන්ටේ වෙරළ තීරය ඊයේ විනෝදකාමීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර ඇස්තමේන්තුගත වාර්තා අනුව 10000 කට අධික පිරිසක් සිඩ්නි වෙත පැමිණ තිබුණා.
අද උදෑසන බෝතල්,ආහාර සහ අනෙකුත් අපද්‍රව්‍ය වෙරළේ තණකොළ පුරා විසිරී තිබු බවයි වාර්තා වන්නේ.
ප්‍රාදේශීය සභාවේ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය අලුයම 5 සිට පිරිසිදු කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
සංචාරකයින් තමන් රැගෙන ආ ඇදුම් කුඩා ළමුන්ගේ සෙල්ලම්බඩු පවා තැන තැන දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.