ශ්‍රී ලංකාව සිය මිලියන දෙකක සංචාරකයා අද පැමිණීමත් සමඟ සුවිශේෂී සන්ධිස්ථානයක් අත්කර ගැනීමට සූදානම් ව තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) අද, 2024 දෙසැම්බර් 26 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය 2018 වසරින් පසුව රටේ වඩාත් ශක්තිමත්ම සංචාරක සමය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සදහන්
මෙම මාසයේ පළමු දින 22 තුළ පමණක් සංචාරකයන් 161,383ක් රට තුළට පැමිණීමත් සමඟ දෙසැම්බර් මාසයේදී විදේශීය සංචාරකයන්ගේ පැමිණීම විශාල ලෙස වර්ධනය වී තිබෙනවා.
දෙසැම්බර් 22 වැනි දින ශ්‍රී ලංකාවට එක් දිනක් තුළ වාර්තාගත විදේශීය සංචාරකයන් 10,820 ක පිරිසක් පැමිණ තිබීමද විශේෂත්වයක්.
එමෙන්ම දෙසැම්බර් 20-22 දක්වා විදේශීය සංචාරකයන්ගේ දෛනික පැමිණීම් අඛණ්ඩව 10,600 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, මේ වන විට විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික සාමාන්‍යය 7,336 දක්වා වර්ධනය වී තිබෙනවා.
ශීත ඍතුවත් සමග නොවැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 184,168ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සදහන්
මෙවර එය 22%ක වැඩිවීමක් බව සදහන්.