
පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් ඇතැයි එරට බලධාරීහු තහවුරු කර තිබෙනවා.
ගුවන් යානය ගමන් ආරම්භ කළ අසර්බයිජානයේ බලධාරීන් පවසන්නේ පුද්ගලයින් 29 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවයි.
අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා ඇති බව බලධාරීන් සදහන් කළා.
එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි මගීන් ද එහි සිට ඇති බව සදහන්.
අසර්බයිජානය සහ කසකස්තානය යන රටවල් දෙකම අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අනතුරට පත් යානය නිෂ්පාදනය කර ඇති එම්බ්‍රේර් සමාගම පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සියලු බලධාරීන්ට සහාය වීමට සූදානම් වන බවයි.