
ග්‍රැම්පියන් ජාතික වනෝද්‍යානයේ ඇති වූ ලැව්ගින්න තවමත් පාලනය කර නොමැති බැවින් වික්ටෝරියා හි නිරිතදිග කොටසේ පදිංචිකරුවන්ට VicEmergency මගින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Bornes Hill and North Boundary Rd හි පදිංචිකරුවන්ට වහාම ඉවත්ව යන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ගිනි නිවන භටයන් මෙම ප්‍රදේශයන් හි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ජනතාව ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වා එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස සදහන්.

2019 Black Summer වලින් පසුව වික්ටෝරියා ප්‍රාන්තයට සිදුවූ දරුණුතම ලැව්ගිනි තත්වය මෙය බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව සදහන් වනවා.

පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් හමා එන සුළි සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් කඩා වැටී විදුලිය ඇනහිටීම් පවා සිදුව ඇති බව සදහන්.
වික්ටෝරියා ප්‍රාන්තයේ එක් කලාපයක් හැර අනෙකුත් සියලුම ප්‍රදේශ දැඩි ලැව් අවදානමකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.