
2025 වසරේ ඔස්ට්‍රේලියාවේ ඉගෙනීමට කැමැත්තෙන් සිටින විදෙස් සිසුන්ට දැනුම් දීමක් කර තිබෙනවා.
එනම් පාඨමාලා ආරම්භක දිනයට පෙර ඔබේ අයදුම් පත්‍රය සකස් කර නිවැරදි දෙස ඉදිරිපත් කරන ලෙසයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
සෑම වසරකම ශිෂ්‍ය අයදුම්පත් හි තරඟකාරීත්වයක් පවතින අතර වීසා සැකසීම සඳහා ගතවන කාලයත් සමග ඔබේ අයදුම්පත කලින් ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.

විශේෂයෙන් පළමුවරට ශිෂ්‍ය වීසා අයදුම් කරන විදෙස් සිසුන් බොහෝ දෙනෙක් සිදු කෙරෙන වැරදි සම්බන්ධයෙන් එහිදි අවදානයට යොමු කර ඇති අතර
වීසා අයදුම්පත්‍රය ප්‍රමාද කරන හෝ වීසා ප්‍රතික්ෂේප කිරීමකට තුඩු දෙන පොදු වැරදි කිහිපයක්

ගැන දෙපාර්තමේන්තුව සදහන් කර තිබුණා.
වීසා බලපත්‍ර අයදුම්පත්‍රයේ ෆෙඩරල් රජයට අවශ්‍ය සියලුම තොරතුරු සහ ලේඛන තිබේ නම්, ඔබට වේගවත් ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවයි සදහන් කර ඇත්තේ.
විශේෂයෙන් නමෙහි අක්ෂර වින්‍යාස, විදේශ ගමන් බලපත්‍රය හා ගැලපෙන්නේදැයි පරීක්ෂා කරන ලෙස වැඩිදුරටත් සදහන්.
මුල් නමක් සහ පෙළපත් නමක් වෙනුවට ඔබට ඇත්තේ එක් නමක් පමණක් නම් පවුල් නාම ක්ෂේත්‍රය පමණක් සම්පූර්ණ කරන ලෙසයි උපදෙස් ලබා දෙන්නේ.
නම වෙනස් කිරීමක් සනාථ කරන ලේඛන ඉදිරිපත් කළ යුතු ආකාරයද වෙනස් වන අතර සියලු තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සදහන් කර ඇති බව වැඩිදුරටත් සදහන්.
ඒ ඒ විශයන්ට අදාළව ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛක වෙනව් වන අතර පහත Link වෙත පිවිස සියලු තොරතුරු ලබා ගත හැකියි
Visit our Check Twice, Submit Once student page for tips on how to submit a complete and correct student visa application the first time https://immi.homeaffairs.gov.au/check-twice-submit-once/student-visa