Boxing දිනට සමගාමීව ඔස්ටේරලියානුවන් වාර්තාගත ලෙස මිළදී ගැනීම් සිදුකරනු ඇති බවට වාර්තා වනවා.
අද දිනට සමගාමීව බොහෝ වෙළද ආයතන ගණනාවක් සිය භාණ්ඩ වෙනුවෙන් සියයට 80 දක්වා වූ වට්ටම් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
Boxing Day හිදී ඔස්ට්‍රේලියානුවන් සිය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මිලදී ගන්නා බව රීටේලර්ස් ඇසෝෂියේෂන් පෙන්වා දෙනවා.
මෙවර Boxing Day භාණ්ඩ අලෙවි වටිනාකම ඩොලර් බිලියන 1.3 ඉක්මවනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
එය පසුගිය වසර හා සැසඳීමේදී සැළකිය යුතු ඉහළයාමක් වන අතර සාමාන්‍යයෙන් Boxing දිනයේදී එක් ඔස්ට්‍රේලියානුවෙක් වියදම් කරනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් 557 ක්.
Boxing දිනයේ ඇඳුම් සහ විද්‍යුත් උපකරණ සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනු ඇති බව සඳහන්.
ආර්ථික අර්බුදය හේතුවෙන් නත්තල් තෑගි සඳහා වැඩි වශයෙන් මුදල් වැය නොකර, තම අවශ්‍යතාවලට Boxing දිනයේදී ඔස්ට්‍රේලියානුවන් බොහෝ මුදල් වැයකරනු ඇති බවයි, රීටේලර්ස් ඇසෝෂියේෂන් පවසන්නේ.