මෙම වර්ෂයේ දී ඔස්ට්‍රේලියානු කාන්තාවන් වැඩි වශයෙන් හිංසනයන් ට ගොදුරු වී තිබෙන බවට නවතම දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව 2024 වසර ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ හිංසනයන්ට ගොදුරු වී ජීවිතක්ෂයට පත් වූ කාන්තාවන් සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි පොලිස් දත්ත වාර්තා හරහා පෙන්නුම් කෙරෙන්නේ.
මේ සම්බන්ධයෙන් Australian Femicide Watch හි නිර්මාතෘ Sherele Moody විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ කාන්තා හිංසනය නරක අතට හැරෙමින් පවතින බවයි.
මෙවැනි පසුබිමක් තුළ පසුගිය අප්‍රේල් 28 වන දා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් ජාතික අර්බුදයක් බවට පත් වී තිබෙනව බවයි.
ඒ අනුව පසුගිය මැයි මාසයේ දී අග්‍රාමාත්‍යවරයා සහ ෆෙඩරල් සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී කාන්තා හිංසනය වැළැක්වීම සදහා ගත යුතු අමතර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වා තිබීම ද කැපී පෙනෙනවා.
එහිදී ඩොලර් මිලියන 925.2 ක පස් අවුරුදු ආයෝජනයක් හරහා Leaving Violence Program ස්ථිරවම ආරම්භ කරන බවයි ෆෙඩරල් රජය විසින් අවධාරණය කර ඇත්තේ.