පවතින උණුසුම් සහ සුළං සහිත කාළගුණික තත්වය සැලකිල්ලට ගනිමින් අද (26) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ ගිනි තැබීම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
ප්‍රාන්ත ගිනි නිවීමේ අධිකාරිය (CFA) විසින් අද (26) දිනය සඳහා ද ප්‍රාන්තය පුරා ගිනි තැබීම් තහනම් කිරීම තහවුරු කර ඇති අතර, උණුසුම් සහ සුළං තත්වයන් මගින් ඇති විය හැකි බලපෑම පිළිබඳව බලධාරීන් වෙත දැනුවත් කිරීමක්ද සිදු කර ඇතැයි දැක්වෙනවා.
අද අලුයම 12.01 සිට රාත්‍රී 11.59 දක්වා සම්පූර්ණ ගිනි තහනම ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ එළිමහනේ ගිනි දැල්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.
විශේෂයෙන්ම එළිමහනේ BBQ දැමීම ද තණකොළ කැපීම ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනයේ වික්ටෝරියා හි පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා සුළං සහිත කාළගුණික තත්වයක් මෙන්ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
බොක්සිං දිනයේදී සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම බල පැවැත්වෙන පරිදි ගිනි තැබීම් සම්බන්ධ අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.