ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන Boxing Day ටෙස්ට් තරගය අද (26) ආරම්භ වනවා.
තරගය අද (26) මෙල්බන් වේලාවෙන් උදෑසන 10.30 ට MCG හීදී ආරම්භ වීමට නියමිතයි.
බෝඩර් – ගවස්කාර් කුසලාන සිව් වන ටෙස්ට් තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම සූදානමකින් පසුවන බවට වාර්තා වනවා.
ඒ අනුව Boxing Day ටෙස්ට් තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා කණ්ඩායමට නවක ආරම්භක පිතිකරු Sam Konstas ඇතුලත් කර තිබෙන බව ද සදහන්.
ඒ Nathan McSweeney වෙනුවටයි.
Josh Hazelwood ගේ ආබාධ තත්වය හේතුවෙන් Boxing Day Test තරගය සදහා ද Scott Boland ද ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව හිමිව තිබෙන බවයි දැක්වෙන්නේ.
මේ අතර මේ වනවිට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ට්‍රැවිස් හෙඩ් ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබදව කතාබහක් ඇති වී තිබුණා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා නායක පැට් කමින්ස් ප්‍රකාශ කර ඇත්තේ ඔහු Boxing Day ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන බවයි.
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු වරට ජාත්‍යන්තර Boxing Day ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 1950 වසරේදී බවයි සදහන් වන්නේ.
දෙසැම්බර් 22 වනදා ආරම්භ වූ එංගලන්තය සමග පැවති මෙම තරගයේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 28 ක ජයක් ලැබීමට සමත් වුණා.
මෙවර Boxing Day ටෙස්ට් තරගයේ දී දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යනු ඇති බවයි වැඩිදුරටත් අපේක්ෂා කෙරෙන්නේ.