පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසනවා.
ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව එය නිවාදමා තිබෙනවා.
කෙසේ නමුත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
Embraer 190 වර්ගයේ ගුවන් යානයක් වන මෙහි මගීන් 62ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට තිබෙනවා.
මෙය අසර්බයිජානයේ අගනුවර වන බාකු සිට රුසියාව දක්වා ගමන් කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇතැයි සැක පල කරනවා.