එංගලන්ත රජ පවුල විසින් අනුමත කරන නිල සන්නාම අතරින් Cadbury ඉවත් කර තිබෙනවා.
ඒ වසර 170 කට පසුව වීම ද විශේෂත්වයක්.
දෙවන එලිසබෙත් රැජින විසින් සිය ජීවිත කාලය පුරාම Cadbury චොක්ලට් වෙත ඉතාමත් වැඩි කැමැත්තක් දැක්වූ බවයි පැවසෙන්නේ.
Cadbury ඇතුලු තවත් වෙළද සන්නාම හා නිෂ්පාදන 100 ක් පමණ මෙලෙස එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.
මේ අතර කැමිලා රැජින විසින් ඇදුම් නිර්මාණය කරන සමාගම්, කොණ්ඩා සැකසුම් සමාගම් සහ පශු වෛද්‍ය සායනයක් ඇතුළු සමාගම් කිහිපයක් ලැයිස්තුව සදහා අලුතෙන් එක් කර තිබෙනවා.
1824 වසරේදී එංගලන්තයේ බර්මින්හැම් හී දී ආරම්භ කළ Cadbury සමාගම Mondelez International ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර 2010 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වන Kraft විසින් මිලදී ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සදහන් ව ඇත්තේ.