![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
වික්ටෝරියා හි ජාතික වනෝද්‍යානයේ ලැව්ගිනි තවදුරටත් පාලනයෙන් තොරව පැතිර යෑම හේතුවෙන් නත්තල් දින වික්ටෝරියානුවන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මෙල්බන් නගරයට වයඹ දෙසින් පිහිටි ග්‍රැම්පියන් කඳුවැටිය අසල පදිංචිකරුවන්ට වහාම පිටත්ව යන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ලැව්ගින්න පාලනයෙන් තොරව පැතිර යන බැවින් මොයිස්ටන් සහ පොමොනල් නගර සඳහා හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
ලැව්ගිනි අවදානම තවදුරටත් දරුණු ස්වරූපයක් ගන්නා අතර අනතුරුදායක වීමට පෙර වහාම පිටව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.
තවත් පැය දෙකක් වැනි කාලසීමාව තුල ලැව්ගිනි අවදානම තවදුරටත් ව්‍යාප්ත වනු ඇති බව වික්ටෝරියා හදිසි අංශ සදහන් කර තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මේ අතර වික්ටෝරියා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 40000ක් පමණ මේ වන විට විනාශ වී ඇති බව සදහන්.