Search

මාස 12කට මෙල්බන් කුලී නිවැසියන් $1700ක් වැඩියෙන් ගෙවයි

පෙර වසරට සාපේක්ෂව මෙවර වාර්ෂික කුලි වියදම ඩොලර් 3600 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

SQM පර්යේෂණ වාර්තා අනුව සතිපතා කුලී දත්ත විමසමින් මෙම විශ්ලේෂණය කර තිබුණා.

ජීවන වියදම් අර්බුදයත් සමග ඔස්ට්‍රේලියානුවන් මෙවර නත්තල වන විට කුලී නිවාස අර්බුදය හේතුවෙන්

තවදුරටත් අරගලයල නිරත වන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු අගනගරවල 2023 දෙසැම්බර් සිට 2024 දෙසැම්බර් දක්වා වාර්ෂික කුලී අනුපාතය ක්‍රමයෙන් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිවසක් කුලියට ගැනීම සඳහා වසරකට ඩොලර් 1593 ක් වැඩිපුර ගෙවන අතර ඒකකව සිටින පුද්ගලයින් අමතර ඩොලර් 1084 ක් ගෙවන බව එම වාර්තා සොයාගෙන තිබෙනවා.

නිවාස ඒකකවල ජීවත් වන ඇඩිලේඩ් කුලී නිවැසියන් මේ වසරේ ඩොලර් 3634 ක් වැඩිපුර ගෙවමින් විශාලතම වාර්ෂික වැඩිවීමක් සිදුකර ඇති අතර, පසුව පර්ත් නිවාස කුලීකරුවන් අමතර ඩොලර් 2985 ක් ගෙවා ඇති බව සදහන්.

මෙල්බන් හි තත්වය මීට වඩා වෙනස් වන අතර මෙල්බන් මහල් නිවාස කුලියට ගන්නන් වැඩි වශයෙන් තවත් ඩොලර් 1234 ක් ගෙවා ඇති අතර තනි නිවසක කුලියට ගැනීම සදගා ඩොලර් 1716 ක් වැඩිපුර වෙන් කර ඇති බව සදහන් වනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »