Search

වසන්තා හඳපාන්ගොඩ එංගලන්තයේදි අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ එංගලන්තයේ ජීවත් වෙමින් සිටියදි බවයි වාර්තා වී ඇත්තේ.

පාසල් තෙවැනි වාර නිවාඩුව ඇරඹීමෙන් පසු ව හඳපාන්ගොඩ  ඇයගේ දියණිය ජීවත් වන එංගලන්තයට ගොස් තිබෙනවා.

එහිදී උත්සන්න වූ රෝගී තත්ත්වයක් මතයි හඳපාන්ගොඩ  අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ගාලු මුවදොර ජන අරගල කාලයේ දී වසන්තා හඳපාන්ගොඩ  ගැන වැඩි වශයෙන් කතාබහක් මතු වුණා.

ඒ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට 2022 මැයි මස 09 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධවයි.

වසන්තා මහත්මිය එම වසරේ මැයි මස 30 වැනි දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඇය 2023 ඔක්තෝබර් මාසයේ දී පොහොට්ටුවේ නව සන්ධානයට එක්ව වූ අයුරු ද දක්නට ලැබුණා.

ඇය වෘත්තීයේ නියැලුණු ආචාර්යවරියක් ද වනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »