මෙම උත්සව සමයේ ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ අනවශ්‍ය තෑගි විකිණීමෙන් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් උපයා ගත හැකි බව නව පර්යේෂණ හදුනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 52ක් මීට පෙර ජීවන වියදම් අර්බුදය තුළ අමතර මුදල් ඉපයීම සඳහා අනවශ්‍ය තෑගි විකිණිමට හෝ විකිණීමට සැලසුම් කර ඇති බවයි.
විශේෂයෙන් ඔස්ට්‍රේලියානු තරුණ පිරිස් මෙලෙස අනවශ්‍ය තෑගි විකිණිමට හුරුවු පිරිස අතර ඉහළින්ම සිටින බව සඳහන්.
E-bay හි දත්ත අනුව විලාසිතා සහ තාක්‍ෂණය අයිතම 2023 වසරේ නත්තලට පසු වැඩි වශයෙන් අලෙවි වූ අයිතම ලෙස සදහන්.
E-bay දත්ත අනුව සෑම විනාඩියකටම විලාසිතා භාණ්ඩ හතරක් සහ සෑම මිනිත්තු දෙකකට වරක් එක් තාක්ෂණික අයිතමයක් ලැයිස්තුගත කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙසැම්බර් 1 සිට 25 ට සාපේක්ෂව දෙසැම්බර් 26 සිට 31 දක්වා පිරිමි ළමුන් තම අයිතම විකිණීම
සියයට 162 කින් ඉහළ ගොස් ඇති බව සදහන්.