අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඩාර්වින් හි ට්‍රේසි සුළි කුණාටුවට වසර 50 ක් පිරීමේදී විපතට පත් වූවන් වෙත සංවේදී උපහාරයක් පිරිනමා තිබෙනවා.
නිල නත්තල් දින දේශනය අමතමින් අගමැති ඇන්තනි ඇල්බනීස් වසර 50 කට පසු ට්‍රේසි සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් අද සිහිපත් කෙරුණා.
මෙම සුළි කුණාටුව 1974 නත්තල් දිනයේදී ඩාවින් මත විනාශකාරී සලකුණක් තැබූ අතර, 66 දෙනෙකු මිය ගිය ගොස් තවත් සිය ගණනක් බරපතල තුවාල ලබා තිබුණා.
ඒ අනුව ට්‍රේසි සුළි කුණාටුවට වසර 50ක් සපිරෙන අද දින ඩාවින් නගරයේ සිට අගමැතිවරයා පීඩාවට පත්වූවන් වෙනුවෙන් සංවේදි වූ බව සදහන්.
පැයට කිලෝමීටර 200 කට වඩා වැඩි වේගයකින් හමා ගිය සුළි කුණාටුව එදින ඩාවින්හි ජනයාගේ ප්‍රීතිමත් නත්තල සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවයි අගමැතිවරයා එහිදි සදහන් කළේ.
ට්‍රේසි සුළි කුණාටුවෙන් දස දහස් ගණන් ඩාවින් ප්‍රදේශවාසීන්ට නිවාස අහිමි වූ අතර 66 දෙනෙකුට දිවි අහිමි කලා.