පවතින උණුසුම් සහ සුළං සහිත කාළගුණික තත්ත්වයන් ගැන දැඩි සැලකිල්ලක් දක්වමින් බොක්සිං දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ගිනි තැබීම් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
Victoria’s CFA විසින් බොක්සිං දිනය සඳහා ප්‍රාන්තය පුරා ගිනි තැබීම් තහනම් කිරීම තහවුරු කර ඇති අතර, උණුසුම් සහ සුළං තත්වයන් මගින් ඇති විය හැකි බලපෑම පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමක්ද කර තිබීම විශේෂත්වයක්.
බ්‍රහස්පතින්දා අලුයම 12.01 සිට රාත්‍රී 11.59 දක්වා සම්පූර්ණ ගිනි තහනම ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ එළිමහනේ ගිනි දැල්වීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.
විශේෂගෙන් එළිමහනේ BBQ දැමීම ද තණකොළ කැපීම ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
හෙට වික්ටෝරියා හි පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා සුළං සහිත කාළගුණික තත්වයක් මෙන්ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි ද සදහන්.
බොක්සිං දිනයේදී සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේ ම ගිණි තැබීම් ගැන අනතුරු ඇගවීමක් මීට ඇතුලත්.