නත්තල් සහ බොක්සිං දිනය සඳහා රෙඩිට් කාඩ් ණය ගණුදෙනු සිදු කරන ඔස්ට්‍රේලියානුවන් ක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව වසර අවසාන උත්සව සමයේ ක්‍රෙඩිට් කාඩ්පත් මත ඩොලර් බිලියන 86 ක පමණ ගණුදෙනු සිදුවනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.
නත්තල් සහ බොක්සිං දින දෙක සඳහා පමණක් කෙඩිට් කාඩ් මගින් ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 27.7 ක මුදලක් ලබා ගැනීමට සුදානම් බවයි අනාවැකි පලවන්නේ.
සංචිත බැංකුව සදහන් කළේ 2015 වසරේ සිට සෑම ජනවාරි මාසයකම ක්‍රෙඩිට් කාඩ් ණය පොලී ගාස්තු ඉහළ ගොස් ඇති අතර, ඔස්ට්‍රේලියානුවන් පොලී රහිත කාලසීමාව තුළ ඔවුන්ගේ ණය පියවා ගැනීමට බොහෝ සේ අරගල කරන බවයි.
2024 ඔක්තෝබර් සඳහා නවතම ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 17.45 ක සාමූහික ක්‍රෙඩිට් කාඩ් ණයක් මත දිනකට ඩොලර් මිලියන 8.8 කට අධික පොලී ගාස්තුවක් ගෙවන බවයි.
ඒ අනුව නත්තල සහ නව වසර තුළ ඩොලර් බිලියන 86 ක් ක්‍රෙඩිට් කාඩ්පත් මත වියදම් පියවා ගැනීමට ඔස්ට්‍රේලියානුවන් අපේක්ෂා කරන බව සදහන්.