මෙවර බොක්සිං දිනයේ දී ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් වාර්තාගත අන්දමින් ඉහළ යනු ඇතැයි නව දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී තිබෙනවා.
ඒ එම දිනය තුළදී පමණක් පමණක් ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 1.3 කට ආසන්න මුදලක් වැය කරනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ.
Australian Retails Association සහ රෝයි මෝගන් සමාගම අනාවැකි පළ කර ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර බොක්සිං දිනයේ දී 1.8% විකුණුම් ප්‍රමාණයක් ඉහළ යා හැකි බවටයි.
මේ අතර දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 15 දක්වා කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු සාප්පු සවාරි යන්නන් විසින් ඩොලර් බිලියන 24.7 ක් පමණ වියදම් කිරීමට නියමිත බවද සදහන්.
එහි පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 2.6% ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි පෙන්නුම් කෙරෙන්නේ.
මෙවැනි පසුබිමක් තුළ Australian Retails Association සහ රෝයි මෝගන් දත්ත වාර්තා හරහා පුරෝකතනය කර ඇත්තේ බොක්සිං දිනයේ දී ආහාර සදහා පමණක් ඔස්ට්‍රේලියානුවන් මිලියන 286 ක මුදලක් වියදම් කරනු ඇති බවයි.
එදිනට ගෘහ භාණ්ඩ සදහා ඩොලර් මිලියන 378 ක් ද ඇදුම්, පාවහන් සහ වෙනත් උපාංග සදහා ඩොලර් මිලියන 197 ක් ද ඔස්ට්‍රේලියානුවන් විසින් වැය කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
Department Stores සදහා ඩොලර් මිලියන 124 ක් ද වෙනත් සිල්ලර භාණ්ඩ සදහා ඩොලර් මිලියන 142 ක් ද බොක්සිං දින ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් අතරට ඇතුලත් වන බවයි සදහන් වන්නේ.
එමෙන්ම ආගන්තුක සත්කාර සේවාවන් සදහා ද එදින ඔස්ට්‍රේලියානුවන් ඩොලර් මිලියන 139 ක් වැය කෙරෙනු ඇති බවයි එම දත්ත වාර්තාවන් හි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.