මෙම වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ Pistachio අස්වැන්න වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.
ඉදිරි වසර 8 ක කාල සීමාව තුළ Pistachio නිෂ්පදනය තුන් ගුණයකින් පමණ වර්ධනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ Pistachio බෝග වැඩි වශයෙන් වගා කෙරෙන්නේ මරේ ගඟ දක්වා දිවෙන දකුණු නිව් සවුත් වේල්ස් , වයඹ දිග වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය යන කලාපවල වීම ද විශේෂත්වයක්.
වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹ දෙසින් පිහිටි රොබින්වේල් හි ‘Hulling Facilities” සහිත නවීන සැකසුම් කම්හලක් ද ස්ථාපිත කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව වසර 10 කට පෙර හෙක්ටයාර 700 ක් තුළ පමණක් ව්‍යාප්ත වී තිබූ Pistachio වගාව අද වන විට හෙක්ටයාර් 7000 ක විශාල භූමි භාගයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියානු Pistachio වගාකරුවන්ගේ සංගමයේ පර්යේෂණ කමිටු සභාපති ක්‍රිස් ජොයිස් විසින් ප්‍රකාශ කර ඇත්තේ Pistachio සදහා වන ඉල්ලුම අඛණ්ඩව ඉහළ යනු ඇති බවයි.
ඔස්ට්‍රේලියාව තුළ නිෂ්පාදනය කරන Nuts ගනයට අයත් වන ව්ශාලතම භෝග වර්ගය වන්නේ ආමන්ඩ් ය.
එය සමග සංසන්දනය කිරීමේ දී Pistachio ගසෙහි ආයු කාලය ඉහළ බවත් ඒ හේතුවෙන් Pistachio භෝගවලට ඉහළ වටිනාකමක් හිමිවන බවයි ඔස්ට්‍රේලියානු Pistachio වගාකරුවන්ගේ සංගමයේ පර්යේෂණ කමිටු සභාපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.