Search

$ 100,000 ක වැටුපකට ඔස්ට්‍රේලියා නාවික හමුදාව අයදුම්පත් කැඳවයි

ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ සබ්මැරීන් අංශය වෙත නව නිලධාරීන් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

න්‍යෂ්ඨික සබ්මැරීන් නිලධාරී (Nuclear Submarine Officer) තනතුරු සදහා අයදුම් කිරීමට කිසිදු මූලික රැකියා පළපුරුද්දක් අවශ්‍ය නොවන බවයි දැක්වෙන්නේ.

Seek වෙබ් අඩවිය ඔස්සේ මේ සදහා අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

අදාළ තනතුර සදහා ඩොලර් 100,000 ත් 120,000 ත් අතර පූර්ණ කාලීන වැටුපක් හිමි වීම ද විශේෂත්වයක්.

ඒ අනුව මෙම තනතුරට අදාළව සේවා කටයුතු සිදුකිරීමට ඇත්තේ මෙල්බන් නගරය පදනම් කරගෙන බව ද සදහන්.

එම තනතුර ට සබ්මැරීන් ධාවනය කිරීම, න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක ක්‍රියාත්මක කිරීම , සබ්මැරීන් උපායශීලීව ස්ථානගත කිරීම ඇතුළු පැවරෙන ඕනෑම රාජකාරී කටයුත්තක් සිදු කළ යුතු බවයි දැක්වෙන්නේ.

න්‍යෂ්ඨික සබ්මැරීන් නිලධාරී තනතුර සදහා මූලික හමුදා පුහුණුව සහ රැකියා පුහුණුව අනිවාර්ය වන අතර සාර්ථකව පුහුණුවීම් අවසන් කරන අයදුම්කරුවන්ට ඩොලර් 113,000 ක ආරම්භක වැටුපක් සහ 16.4% ක Superannuation දීමනාවක් ද හිමිවීම ද කැපී පෙනෙනවා.

සහනාධාර පහසුකම් සහිත නිවාස ද හිමි වන මෙම තනතුර සදහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් මෙන්ම වෛද්‍ය පරීක්ෂණයෙන් ද සමත් වීම ද අනිවාර්ය බවයි අවධාරණය කෙරෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »