Search

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළ නංවන්නැයි IMF නිර්දේශ

ඔස්ට්‍රේලියාව තුළ පොලී අනුපාත ඉහළ නැංවීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ උද්ධමනය අවම කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සැලකිල්ලට ගනිමින් බවයි දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියා සංචිත බැංකුව (RBA) විසින් මේ වනවිට උද්ධමනය 2 – 3 % අතර ඉලක්කගත අගයකට ආපසු රැගෙන ඒම සදහා කටයුතු කරන බව ද සදහන්.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සංචිත බැංකුව වෙත අනතුරු අඟවා ඇත්තේ උද්ධමනය අවම කර ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දෙන අතරම ආර්ථික වර්ධනයට හානිදායක නොවන ආකාරයෙන් ක්‍රියා කළ යුතු බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඔස්ට්‍රේලියා රැකියා වෙළදපොල තුළ පවතින තත්වය කෙරෙහි ද කනස්සල්ලෙන් පසුවන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරය සහ සංචිත බැංකුව විසින් පුරෝකතනය කර ඇත්තේ විරැකියාව 4.5% කින් පමණ ඉහළ යනු ඇති බවයි.

කෙසේ වෙතත් නොවැම්බර් මාසය වනවිට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 3.9% දක්වා පහත වැටී ඇති බවයි සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසකට එම අගය ඉක්මවා ගිය රැකියාවන් ප්‍රමාණයක් අහිමි වී ඇති බවටද වාර්තා පල වී තිබෙනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »