Search

සාමයේ කුමරුගේ උපත සිදුවූ අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) යි.

ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රීයේ උදා වුණා.

නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි.

දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා.

සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ගැබ්ව තිබෙනවා.

සාමයේ කුමාරයාණෝ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට හා ගෞරවයට පාත්‍ර වු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් වාර්ෂිකව දෙසැම්බර් 25 වන දා නත්තල් උත්සවය සැමරීම සිදුවනවා.

එම උදාව සමරමින් දිවයිනේ සෑම දේවස්ථානයකදීම ඊයේ රාත්‍රී දේවමෙහෙයන් පැවති අතර බැතිමතුන් විශාල වශයෙන් ඊට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

ඔස්ට්‍රේලියාවෙත් ප්‍රධාන දේව මෙහෙය පර්ත් හි st.Mary’s Cathedral දේවස්ථානයේ පැවැත්වුණා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »