Boxing Day ටෙස්ට් තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සදහා නවක පිතිකරුවෙකු ආදේශ කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන Sam Konstas බවයි වාර්තා වන්නේ.
ඔහුව කණ්ඩායම සදහා තෝරා පත්කර ගන්නා බවට ඔස්ට්‍රේලියා පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් විසින් ප්‍රකාශ කර තිබෙනවා.
19 හැවිරිදි වියේ පසුවන Sam Konstas ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා 04 වන ලාබලතම ක්‍රීඩකයා ලෙසයි වාර්තා අතරට එක් වන්නේ.
ඒ අනුව Nathan McSweeney වෙනුවට Sam Konstas දෙසැම්බර් 26 වනදා ආරම්භ වන ඉන්දු – ඔස්ට්‍රේලියාව සිව් වන ටෙස්ට් තරගය (Boxing Day Test) සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
බෝඩර් – ගවස්කාර් කුසලාන තරගාවලියේ මේ වනවිට කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයගෙන සම තත්වයේ පසු වනවා.