Search

චාල්ස් රජුගේ නත්තල් පණිවුඩයේ පළමු වරට වෙනසක්

තුන්වන චාල්ස් රජු සිය නත්තල් පණිවුඩය පටිගත කර ඇත්තේ, දෙසැම්බර් 11 වැනිදා ලන්ඩනයේ ෆිට්ස්රෝවියා දේවස්ථානයේදී බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.

රෝහල් දේවස්ථානයක් ලෙස ප්‍රකට එහි සිට රජු සිය නත්තල් පණිවුඩය ලබාදීම, ඔහුගේ පිළිකා ප්‍රතිකාර සංකේතවත් කරන්නක් ද වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අවස්ථාව මෙතක් පැවති සම්ප්‍රදායෙන්  වෙනස් ස්වරූපයක් ගන්නා බව සදහන්.

76 හැවිරිදි රජු පෙබරවාරි මාසයේදී හෙළි කළේ තමා පිළිකාවක් සමඟ පොරබදමින් සිටින බවත් අප්‍රේල් මාසයේදී නැවත රාජකාරි කටයුතුවල නියැලෙන බවයි.

මේ වන විට රජුගේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බකිංහැම් මාලිගය සඳහන් කර තිබුණේ, ප්‍රතිකාර ධනාත්මක තත්වයට හැරෙමින් ඇති බවයි.

වාර්ෂික සම්ප්‍රදායන් අතර මුල්තැන ගන්නා රාජකීය නත්තල් දින පණිවුඩය සාමාන්‍යයෙන් පටිගත කරනු ලබන්නේ, බකිංහැම් මාලිගයේ හෝ වින්ඩ්සර් මාලිගයේදී යි.

නමුත් රජතුමා මේ වසරේ පණිවුඩය රූගත කිරීමට තෝරාගෙන ඇති මධ්‍යම ලන්ඩනයේ ෆිට්ස්රෝවියා දේවස්ථානය, 1924 දී කඩා දැමීමට පෙර රෝහල් දේවස්ථානයක් ලෙස ප්‍රකට වූවකි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »