Search

හෙට සහ අනිද්දා එළිමහන් උත්සව සංවිධානය කරන ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දීමක්

නත්තල් දින සහ ඊට පසු දින එනම් බොක්සිං දිනයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට බලපෑ හැකි කාලගුණ තත්වය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වාසය කරන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි නගරයට නත්තල් දිනයේදී සෙල්සියස් අංශක 25 ක පමණ උෂ්ණත්වයක් බලපෑ හැකි බව සදහන්.

එදින සවස් වරුවේ ඇතැම් විට වර්ෂා කාලගුණයක් ද සිඩ්නි නගරයට බලපෑ හැකි බවටයි අනාවැකි පළ වන්නේ.

බොක්සිං දිනයේදී වලාකුළු සහිත කාලගුණයක් සිඩ්නි නගරයෙන් අපේක්ෂා කෙරෙන්නේ සෙල්සියස් අංශක 29 ක උපරිම උෂ්ණත්වයක් යටතේයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බන් නගරයට නත්තල් දිනයේදී සෙල්සියස් අංශක 28 ක උපරිම උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන අතර බොක්සිං දිනයේදී සෙල්සියස් අංශක 23 ක පමණ උපරිම උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකියි.

කෙසේ වෙතත් ප්‍රාන්තයේ බොහෝ ස්ථානවලට මෙම දින දෙකේදී යහපත් කාලගුණ තත්වයක් පවතින බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් හි අගනුවර වන බ්‍රිස්බන් නගරයට සෙල්සියස් අංශක 29 ත් 30 ත් අතර කාලගුණයක් මෙම දින දෙකේදී අපේක්ෂා කෙරෙන අතර ඇතැම් විට ධාරානිපාත වර්ෂාවක් ද අපේක්ෂා කළ හැකි වනවා.

ඔස්ට්‍රේලියාවේ ජාතික අගනුවර වන කැන්බරා නගරයට නත්තල් දිනයේදී සෙල්සියස් අංශක 28 ක උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන්නේ තරමක වර්ෂා කාලගුණයක් මධ්‍යයේයි.

බොක්සිං දිනයේදී ඊට වඩා උෂ්ණාධික කාලගුණයක් අපේක්ෂා කෙරෙනවා.

පර්ත්, ඇඩිලේඩ්, හෝබාර්ට් සහ ඩාවින් යන සෙසු නගර වලට ද සෙල්සියස් අංශක 21 ත් 37 අතර පරාසයක විහිදෙන උෂ්ණත්වයක් මෙම දින දෙකේදී අපේක්ෂා කෙරෙන අතර ඇතැම් ස්ථානවලට වැසිබර කාලගුණයක් ද පැවතිය හැකියි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »