වික්ටෝරියානු ප්‍රාන්තයේ නීති විරෝධී ලෙස රියදුරන් දුරකතන භාවිතා කරන අයුරු ආරක්‍ෂිත කැමරාවන්ට හසු වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව මාර්ග ආරක්ෂණ කැමරා පිළිබඳ මාස තුනක අත්හදා බැලීමක් මඟින් බොහෝ රියදුරන් ඔවුන්ගේ දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කරන බහුල ප්‍රදේශයන් අනාවරණය වී තිබේ.

මෙහිදී මෙම අධ්‍යනයට​ වාහන​ 679,438 ක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එයින් රියදුරන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නීති විරෝධී ලෙස​ තම දුරකතනය භාවිතා කරමින් රිය පදවා ඇති බවයි.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ කොරෝනා වසංගතය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තය කර ඇති අවස්ථාවේදී අතර විචාරකයින් පවසන්නේ මෙම අගය සාමාන්‍ය තත්වයේ දී වඩා වැඩි අගයක් ගැනීමට වඩාත් ඉඩ ඇති බවයි.

මේ අනුව, පහත ප්‍රදේශයන්හිදී බහුලව නීති විරෝධී ලෙස ජංගම දුරකතන භාවිතා කරන පුද්ගලයින් හසු වී ඇති බවට සඳහන්.

  • Craigieburn Road East, Wollert
  • Calder Park Drive, Hillside
  • Old Geelong Road, Laverton

තවදුරටත් මෙම අධ්‍යනයෙන් තහවුරු වී ඇත්තේ රියදුරන් 667 දෙනෙකුගෙන් එක් අයෙකු ආසන පටි පැළඳ නොසිටි අතර අනෙක් අය රෝදය මත අත නොතබා හෝ සුරතල් සතුන් උකුලේ තබාගෙන සිටිනු දක්නට ලැබිණි.

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »