Search

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අද (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 80 වැනි වියේ පසුවී තිබෙන බවයි දැක්වෙන්නේ.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

සුවහසක් ප්‍රේක්ෂක ජනාදරයට පත් ගායන ශිල්පියෙකු වන ප්‍රියා සූරියසේන 1968 වසරේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස තිබෙනවා.

ඒ බයිලා ගීත ගායකයෙකු ලෙසයි.

ඉන් අනතුරුව 1972 වසරේ දී ඔහු සරල ගීත ගායනයට පිවිසී තිබීම ද විශේෂත්වයක්.

හෙට දවසේ අප දෙදෙනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, ඈත රන් විමන්, ප්‍රණීත මී බිඳු, ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »