ඔස්ට්‍රේලියානුවන්ගේ නත්තල් දිවා භෝජන සංග්‍රහයේ අන්තර්ගත ආහාර පානවල වෙනසක් පෙන්නුම් කෙරෙන බවට නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව Coles විසින් නිකුත් කරන ලද දත්ත වාර්තාව හරහා හෙළිදරව් වී ඇත්තේ මෙවර කළුකුම් මස් (Turkey) අලෙවිය අඩු වී තිබෙන බවයි.
කළුකුම් මස් අලෙවියට සාපේක්ෂව කුකුළු මස් අලෙවිය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඒ හරහා පෙන්වා දී තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙවට දෙසැම්බර් මාසයේ දී කුකුළු මස් අලෙවිය දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ගෘහස්ථ කුකුළු මස් පරිභෝජනය වෙනුවෙන් සෑම වසරකම කුකුළන් මිලියන 700 ක් පමණ ඒ සදහා යොදා ගන්නා අතර ඉතා සුළු කුකුළු මස් ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව විසින් අපනයන කිරීම සිදු කරන බව ද සදහන්.
මේ අතර නිවාඩු සමයේදී ආසන්න වශයෙන් Christmas Ham කිලෝග්‍රෑම් මිලියන 3 ක අලෙවියක් සිදුවනු ඇතැයි Coles විසින් අපේක්ෂා කිරීම ද විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් Australian Pork Limited (APL) හි ප්‍රධාන විධායක Margo Andrae විසින් පෙන්වා දී ඇත්තේ නත්තල් දිනයට පෙර දළ වශයෙන් Christmas Hams මිලියන 1.6 ක් පමණ අලෙවි වීම සිදුවන බවයි.
එමෙන්ම මෙවර නත්තලේ ජනප්‍රිය ආහාර පාන අතර පළතුරු වර්ගවලට ද විශේෂ ස්ථානයක් හිමි වනවා.
චෙරි සහ අඹ යන පළතුරු වර්ග මෙවර නත්තල් දිනයේදී පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය බවයි Woolworths හි ප්‍රකාශකයෙකු විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.