වික්ටෝරියා හි අප ජලයෙහි අසාමාන්‍ය වෛරස ප්‍රබවයක් හමුවීමෙන් පසු ජනතාවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙල්බන් හි සාමාන්‍ය අපජල නියැදීමේ සාම්පල පරීක්ෂණයකදී මේ බව තහවුරු වු බවයි.
ඒ අනුව පෝලියෝ වෛරස් වර්ගය 2 (VDPV2) මෙලෙස සොයාගත් බවත් කෙසේ වෙතත් එය ප්‍රධාන පෝලියෝ රෝග කාරකයක් නොවන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ අපද්‍රව්‍ය හොඳින් පිරිපහදු කර ඇති බැවින් අපජලයේ වෛරස් පැවතීම මෙල්බන් වැසියන්ට අවදානමක් නොමැති බවයි.
කෙසේ වෙතත් නියමිත පොලීයෝ වෛරස ගෙන නොමැති පුද්ගලයින් හට ඉන් සිදුවන බලපෑම ඉහළ බව සදහන්.
වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසන්නේ වික්ටෝරියා හි පෝලියෝ එන්නත් ආවරණය ඉහළ බවත් ඔස්ට්‍රේලියාව පෝලියෝ රෝගයෙන් තොර රටක් බවයි.
පෝලියෝ රෝගයට එරෙහි හොඳම ආරක්ෂා එන්නත් ක්‍රියාවලිය වන අතර වික්ටෝරියා හි පෝලියෝ ප්‍රතිශක්තිකරණ ආවරණය අතිශයින් ඉහළ මට්ටමක පවතින බව සදහන් කර තිබෙනවා.
වයස අවුරුදු පහේ ළමුන්ගෙන් සියයට 95 ක් ආරක්ෂා පොලියෝ රෝගයෙන් ආරක්ෂිත බවද සදහන්.
පෝලියෝ රෝගයට සම්පූර්ණයෙන් එන්නත් ලබා නොගත් ළමුන් සහ වැඩිහිටියන් මෙම අපජලය තුල තිබී හමුවූ වෛරසයට නිරාවරණය වුවහොත් වැඩි අවදානමක් ඇති වන බව සදහන් කර තිබෙනවා.