Search

පාකින්සන් රෝගයෙන් පෙළෙන 90 හැවිරිදි කාන්තාව බර ඉසිලීමේ තරගයකට

තායිවානයේ තායිපේ හි පැවති වයස අවුරුදු 70 ට වැඩි බර ඉසිලීමේ තරඟයකට පාකින්සන් රෝගයෙන් පෙළෙන 90 හැවිරිදි කාන්තාවක් සහභාගී වී තිබෙනවා.

වට තුනකින් යුත් තරඟය අතරතුර, චෙං චෙන් චින්-මෙයි නම් මෙම කාන්තාව කිලෝග්‍රෑම් 35, 40 සහ 45 යන බර පන්ති එසවූ බව සඳහන්.

තරඟ නිලධාරීන් පවසන්නේ මෙම තරගය තායිපේ හි වයස්ගත ජනගහනයේ සාමාජිකයින්ට උපකාර කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කරන බවයි.

තායිවාන ජනගහනයෙන් සියයට 21 ක් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන්ගෙන් යුතු නිසා රට සුපිරි වයස්ගත සමාජයක් බවට පත්වීමේ මාවතට පිවිසී ඇති බවට පැවසෙනවා.

2025 වන විට රට පුරා වැඩිහිටි පුද්ගලයින් සඳහා යෝග්‍යතා සමාජ 288 ක් ස්ථාපිත කිරීමට තායිවානය අපේක්ෂා කරන අතර, වාර්තා අනුව 2030 වන විට තායිවාන මධ්‍යන්‍ය වයස අවුරුදු 48.7 ක් වනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »