පසුගිය සතියේ මෙල්බන් හි ගිනිකොන දෙසින් පිහිටි තැපැල් කාර්යාලයකින් නත්තල් පාර්සල් 80 ක් පමණ සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 17 වනදා අදාළ සැකකරු රාත්‍රියේ තැපැල් කාර්යාලය වෙත පැමිණ බෙදීමට නියමිතව තිවූ පාර්සල් සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙසැම්බර් 17 වන අඟහරුවාදා අලුයම 4.30 ට පමණ මෙම පුද්ගලයා Florence Street, හි Mentone තැපැල් කාර්යාලයට කඩා වැදි මෙම සොරකම සිදුකළ බවටයි සැක පල කරන්නේ.
CCTV දර්ශන මත සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරු ට්‍රොලියක පුරවා මෙම පාර්සල් තැපැල් කාර්යාලයෙන් පිටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු අවසන් වරට පෙනී සිටිඇත්තේ කළු අත්වැසුම්, කළු ආරක්ෂක කබායක්, දුඹුරු සපත්තු සහ කළු මුහුණු ආවරණයක් පැළඳගෙන බව සදහන් වනවා.
සැකකරු පිළිබද තොරතුරක් දන්නා ඕනෑම අයෙක් 1800 333 000 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.