මෙම වසරේ Australia Good Design Awards සම්මාන උළෙලේ දී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් සමත් වී තිබෙනවා.
ආචාර්ය නදීෂා චන්ද්‍රසේන වන ඇය සම්මාන උළෙලේදී ඉංජිනේරු නිර්මාණ අංශයේ රන් සම්මානයෙන් මෙන්ම “Best In Class Awards” සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වී තිබීමද විශේෂත්වයක්.
මෙලෙස ඇය සම්මනයන්ට පාත්‍ර වී ඇත්තේ ලොව පළමු Smart කාණු පද්ධතිය නිර්මාණය කිරීම වෙනුවෙන් බවයි දැක්වෙන්නේ.
මෙම සම්මානය පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙසද ආචාර්ය නදීෂා චන්ද්‍රසේන වාර්තා අතරට එක් ව තිබෙන බවයි සැලකෙන්නේ.
සිවිල් ඉන්ජිනේරු විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියක් ලබා සිටින ඇය Open – Channel Hydraulic ක්ෂේත්‍රය තුළ විශේෂඥවරියක් ලෙසයි හදුන්වන්නේ.
පාරිසරික උපදේශන, වැසි ජල කලමනාකරණය සහ නාගරික සැලසුම් යන ක්ෂේත්‍රයන් හි වසර 14 කට වැඩි පළපුරුද්දක් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන සතුව පවතින බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.