නත්තල් උත්සව සමයේදී දී ආහාර පාන සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ නත්තල් සමයේදී සිදුවන ආහාර විෂවීම් අවම කර ගැනීම සදහා වන බවයි එහි දැක්වෙන්නේ.
සෞඛ්‍ය අංශ විසින් අවධාරණය කර ඇත්තේ මුළුතැන්ගෙය තුළ පිසින ලද පරීක්ෂා කිරීමට අතපසු වූ ආහාර පාන වල සුරක්ෂිත භාවය කෙරෙහි සැකයක් ඇත්නම් ඒවා ඉවත ලන ලෙසයි.
කාමර උෂ්ණත්වය යටතේ කොපමණ කාල සීමාවක් ආහාර පාන තබා තිබෙනවා ද යන්න පරීක්ෂා කර එම ඉතිරි ආහාර පාන නරක් වීම වළක්වා ගැනීම සදහා ශීතකරණයේ ගබඩා කරන ලෙසයි වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ක්ලෙයාර් ලූකර් විසින් ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව ආහර විෂ වීම සදහා හේතු වන බැක්ටීරියා වර්ග සෙල්සියස් අංශක 5 ත් සෙල්සියන් අංශක 60 ත් අතර උෂ්ණත්වයක දී පරිභෝජනයෙන් පසුව ඉතිරි වන ආහාර පාන වල වර්ධය වීම සිදු වනවා.
එම උෂ්ණත්ව පරාසයන් තුළ ආහාර පාන පැය දෙකක් හෝ ඊට අඩු කාල සීමාවක් තුළ ඉතිරි වී ඇත්නම් ඒවා ආහරයට ගැනීම හෝ ශීතකරණය තුළ නිසි පරිදි ගබඩා කිරීම සුදුසු බවයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් පැය 4 ට වඩා වැඩි කාලයක් ඉතිරි වී ඇති ආහාර පාන ඉවත ලන ලෙස ද එම මාර්ගෝපදේශයන් හි සදහන්.
Turkey, හැම්, මුහුදු ආහාර, බත් සහ Custard වැනි ආහාර වර්ග මෙලෙස බැක්ටීරියා ක්‍රියාකාරීත්වය හේතුවෙන් විෂ වීමේ අවදානමක් පවතින ආහාර ලෙසයි වර්ග කෙරෙන්නේ.