තම සහකරු හෝ සහකාරිය සමග පළමු වරට විදෙස් සංචාරයක් සැලසුම් කිරීමට අපේක්ෂා කරන්නන් සදහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇත්තේ ‘CN Traveller” විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ඔවුන්ට තම පළමු විදෙස් සංචාරය කෙටි එකක් බවට පත් කර ගන්නා ලෙසයි එම මාර්ගෝපදේශ හරහා පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම අදාළ සංචාරය සදහා වැය විය හැකි වියදම් සැලකිල්ලට ගනිමින් අපේක්ෂිත අය වැය ලේඛණයක් සකස් කර ගැනීම ද ඉතා වැදගත් බවයි එහි දැක්වෙන්නේ.
එම විදෙස් සංචාරයෙන් තමන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න දෙදෙනා සමගම සාකච්ඡා කිරීම ද මෙහිදී ප්‍රයෝජනවත් බවයි සදහන් ව ඇත්තේ.
එම මාර්ගෝපදේශ අතරට නව ක්‍රියාකාරකම් අත්හදා බැලීම සහ අදාළ සංචාරයේ වගකීම් දෙදෙනා අතර සම සේ බෙදා ගැනීම යන කරුණු ද ඇතුලත්.
මෙහිදී නවාතැන් ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවත් නවාතැන් ගන්නා ස්ථානය තුළ නව යුවලගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වනවාද යන වග සොයා බැලීම අනිවාර්යය බව ද සදහන්.
සංචාරය කිරීමේ දී එහි සිටින වෙනත් පාර්ශවයන්ගේ හැසිරීම් රටාවන් තේරුම් ගැනීම ද වැදගත් බව එහි දැක්වෙනවා.
එමෙන්ම තමන්ට අත්‍යවශ්‍ය යැයි සිතන භාණ්ඩ ලැයිස්තුවක් ද සකස් කර මනා සංවිධානයකින් යුතුව සංචාරයේ නිරත වීම සුදුසු බවයි එම මාර්ගෝපදේශයන් හි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.