වසරක කාලයක් සඳහා TikTok වෙත ප්‍රවේශ වීම ඇල්බේනියාව විසින් තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ළමයින්ට TikTok මඟින් එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්.
ඇල්බේනියාවේ මෙම TikTok කහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදුකළ පිහි ඇනුම් සිද්ධියක් හේතුවෙන් බව වාර්තා වනවා.
අදාළ පිහි අනුම් සිද්ධ්යෙන් 14 හැවිරිදි සිසුවා මියගොස් තිබුණා.
කෙසේ වෙතත් යෝජිත TikTok තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් හදිසි පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බව TikTok ආයතනය පවසනවා.
TikTok ආයතනය පවසන්නේ ඝාතනය වූ 14 හැවිරිදි පාසල් සිසුවාට හෝ පිහියෙන් ඇන ඇතැයි කියන පුද්ගලයාට TikTok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.
මේ අතර තවත් කෙටි කාලයක් ටික් ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාවේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දිය යුතු බව ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඒ තම ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාව මගින් බිලියන ගණනක අදහස් ලැබී ඇති බව පවසමින්.
මේ නිසා කෙටි කලකට එක්සත් ජනපදය තුළ ටික්ටොක් ක්‍රියාත්මක වීමට ඉඩ දීමට තමා කැමති බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
ඇරිසෝනා හි ෆීනික්ස් හි කොන්සර්වේටිව් ආධාරකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් පළ කරමින්, ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළෙන් ටික්ටොක් ඉවත් වීමට ඔහු විරුද්ධ බවට කළ ප්‍රබලම සංඥාව මෙය බවයි විචාරකයන් පවසන්නේ.
කෙසේ වෙතත් අමෙරිකාවේ ටික්ටොක් හි චීන මව් සමාගම වන ByteDance යෙදුම අමෙරිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව පවසමින් අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව අප්‍රේල් මාසයේදී නීතියක් සම්මත කළා.
ඒ ටික් ටොක් සමාජ මාධ්‍ය මගින් ජාතික ආරක්ෂක ගැටළු ඇති කරන බව උපුටා දක්වමින්.
ටික්ටොක් හි හිමිකරුවන් මෙම නීතිය අහෝසි කිරීමට උත්සාහ කර ඇති අතර, අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාග කිරීමට එකඟ වී තිබෙනවා.