Search

2024 මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර කුලී නිවාස මිල වැඩිවීම ගැන නවතම වාර්තාවක් අද

පෙර වසරට සාපේක්ෂව මෙවර වාර්ෂික කුලි වියදම ඩොලර් 3600 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

ජීවන වියදම් අර්බුදයත් සමග ඔස්ට්‍රේලියානුවන් මෙවර නත්තල වන විට කුලී නිවාස අර්බුදය හේතුවෙන් තවදුරටත් අරගලයල නිරත වන බවයි වාර්තා වන්නේ.

SQM පර්යේෂණ වාර්තා අනුව සතිපතා කුලී දත්ත විමසමින් මෙම විශ්ලේෂණය කර තිබෙනවා.

විශේෂයෙන් ඔස්ට්‍රේලියානු අගනගරවල 2023 දෙසැම්බර් සිට 2024 දෙසැම්බර් දක්වා වාර්ෂික කුලී අනුපාතය ක්‍රමයෙන් වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නිවසක් කුලියට ගැනීම සඳහා වසරකට ඩොලර් 1593 ක් වැඩිපුර ගෙවන අතර ඒකකව සිටින පුද්ගලයින් අමතර ඩොලර් 1084 ක් ගෙවන බව එම වාර්තා සොයාගෙන තිබෙනවා.

නිවාස ඒකකවල ජීවත් වන ඇඩිලේඩ් කුලී නිවැසියන් මේ වසරේ ඩොලර් 3634 ක් වැඩිපුර ගෙවමින් විශාලතම වාර්ෂික වැඩිවීමක් සිදුකර ඇති අතර, පසුව පර්ත් නිවාස කුලීකරුවන් අමතර ඩොලර් 2985 ක් ගෙවා ඇති බව සදහන්.

මෙල්බන් හි තත්වය මීට වඩා වෙනස් වන අතර මෙල්බන් මහල් නිවාස කුලියට ගන්නන් වැඩි වශයෙන් තවත් ඩොලර් 1234 ක් ගෙවා ඇති අතර තනි නිවසක කුලියට ගැනීම සදගා ඩොලර් 1716 ක් වැඩිපුර වෙන් කර ඇති බව සදහන් වනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »