Search

වික්ටෝරියා ලැව්ගිනි පාලනයෙන් තොරවෙයි ජනතාවට රතු නිවේදනක්

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට මෙවර නත්තල් දිනයේදී මෙන්ම බොක්සිං දිනයේදී ද (Boxing Day) දරුණු ලැව් ගිනි තත්වයන්ට මුහුණ දීමට සිදුවන බවට බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යාන කලාපයේ ඇති වූ ලැව් ගිනි තත්වය මේ වනවිට හෙක්ටයාර් 40,000 කට වැඩි භූමි ප්‍රමාණයක් දක්වා පැතිරී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර Halls Gap, Belfield, Lake Fyans හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් රාශියකට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන අතර අදාළ ප්‍රදේශවලට නැවත පැමිණීමෙන් වළකින ලෙස ද බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

Pomonal, Barton, Mafeking, Watagania, Londonoderry, Moyston, Rhymney, Belllen, Black Range, Great Western, Jalluka සහ Willaura North යන ප්‍රදේශවලට ද බලධාරීන් විසින් “Watch and Act” අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි සදහන්.

ඇතැම් ප්‍රදේශවලට ඇතිවූ මද වැසි තත්වයන් හේතුවෙන් ලැව් ගිනි පැතිරීම තරමක් මන්දගාමී වූ බවයි VicEmergency විසින් පෙන්වා දී ඇත්තේ.

නමුත් ඕනෑම අවස්ථාවක දී මෙම තත්වය වෙනස් විය හැකි බව ද එහි වැඩිදුරටත් සදහන්.

මෙල්බන් නගරයට ද ඊයේ වර්ෂාව ඇද හැලුණු නමුත් එය ගිනි නිවන භට කණ්ඩායම්වලට සහයක් ලබා ගැනීම තරම් ප්‍රමාණවත් වී නැතැයි දැක්වෙනවා.

මෙවැනි තත්වයක් යටතේ මෙල්බන් නගරයට කිලෝමීටර් 200 ක් පමණ වයඹ දෙසට වන්නට පිහිටි ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානය ද නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

ඉදිරි දිනවල දී ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකම උෂ්ණත්වය ඉහළ යා හැකි බවයි අනුමාන කෙරෙන්නේ.

ඒ හේතුවෙන් නත්තල් සහ බොක්සිං යන දෙදින තුළදීම ලැව් ගිනි අවදානම් අපේක්ෂා කෙරෙන බවයි දැක්වෙන්නේ.

මේ අතර පැතිර යන ලැව් ගිනි මැඩ පැවැත්වීම සදහා ACT, NSW සහ ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්තවලින් ගිනි නිවන භට සහය කණ්ඩායම් වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණීමට නියමිතයි.

Gisborne නගරයට කිලෝමීටර් 14 ක් පමණ බටහිරට වන්නට පිහිටි Bullenrook හි ජීවත් වන වැසියන්ට ද පාලනයෙන් තොරව පැතිර යන ලැව් ගින්නක් හේතුවෙන් බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

VicEmergency විසින් අනතුරු අඟවා ඇත්තේ එම ලැව් ගින්න Coffeys මාර්ගයේ ඊසාන දෙසින් Mulcahy මාර්ගය සහ Waterloo Flat මාර්ගය දෙසට පැතිර යන බවයි.

මේ වනවිට Coffeys Road, Bullengarook, Waterloo Flat Road Bullengarook සහ Carrolls Lane, Bullengarook යන මාර්ග තාවකාලිකව වසා දමා ඇතයි වාර්තා වනවා.

ප්‍රාන්ත ගිනි නිවන අධිකාරියේ (CFA) ප්‍රධාන නිලධාරී ජේසන් හෙෆර්නන් විසින් ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ බුද්ධිමත්ව ලැව් ගිනි වැලැක්වීම සදහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසයි.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »