Search

ගුවන් යානයක් කඩා වැටී එකම පවුලේ සාමාජිකයින් 10 දෙනෙක් මියයයි

දකුණු බ්‍රසීලයේ ග්‍රැමඩෝ නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ සාමාජිකයින් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අනතුරින් යානයේ නියමුවා ලෙස කටයුතු කළ බ්‍රසීල ව්‍යාපාරික ලුයිස් ක්ලෝඩියෝ ගැලියාසි සහ ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ අනෙකුත් පවුලේ සාමාජිකයන් මියගොස් ඇති බවයි ඔහුගේ සමාගමේ ප්‍රකාශයක් පවසා ඇත්තේ.

ඉරිදා උදෑසන ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු ගුවන් යානය ගොඩනැගිල්ලක චිමිනියේ මෙන්ම නිවසක සහ සාප්පුවක ගැටීමෙන් කඩා වැටී තිබෙනවා.

අනතුරින් ග්‍රැමඩෝ නගරයේ සිටි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි පළාත් පාලන ආයතන පවසන්නේ.

බ්‍රසීල මාධ්‍ය වාර්තාවලට අනුව, 61 හැවිරිදි බ්‍රසීල ව්‍යාපාරික ලුයිස් ක්ලෝඩියෝ ගැලියාසි මහතා තම පවුලේ අය සමඟ සාඕ පවුලෝ ප්‍රාන්තයේ ජුන්ඩියායි වෙත සංචාරයක් සඳහා යමින් සිට තිබෙනවා.

මෙම ගුවන් යානය අහිතකර කාලගුණික තත්ත්වයන් යටතේ ගුවන් ගතව ඇති බවයි ප්‍රාන්ත ආණ්ඩුකාර එඩ්වාඩෝ ලයිට් පවසා ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »