Search

ඔස්ට්‍රේලියා Protection Visa වංචනිකයින්ට වසර 10ක සිර දඩුවම්

Protection Visa (Subclass 866)  වලට අදාළව ඔස්ට්‍රේලියාවේ වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයින්ට උපරිම දඩයක් හෝ වසර 10ක සිරදසුවම් හිමිවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යලිත් අවදාරණය කර තිබෙනවා.

ඇතැම් අවස්ථා වල දඩ මුදල් සහ සිර දඩුවම් යන දෙඅංශයටම යටත්වීමට වංචනිකයින්ට සිදුවනු ඇති.

Protection Visa සම්බන්ධයෙන් වැරදි තොරතුරු රාශියක් සමාජගත වී තිබීම හේතුවෙන් සංක්‍රමණිකයන්ට ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වීසා බලපත්‍රය ලබාදෙන්නේ ඔස්ට්‍රේලියාව තුළ සරණාගතභාවය අයදුම් කරන පුද්ගලයන් සදහා පමණක් වන බව යළිත් වතාවක් ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

නීති විරෝධී සංක්‍රමණ සදහා ආධාර අනුබල දෙන පුද්ගලයින්ට මෙන්ම ඒ ඔස්සේ ව්‍යාජ තොරතුරු සපයන සංක්‍රමණිකයින්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව වැසිදුරටත් අවධාරනය කරනවා.

ඔස්ට්‍රේලියානු නීතිය යටතේ සංක්‍රමණිකයන්ට අවශ්‍ය සහය ලබාදීම සදහා ගාස්තුවක් අය කළ හැක්කේ ලියාපදිංචි වී සිටින සංක්‍රමණ නියෝජිතයන්ට සහ නීති වෘත්තිකයන්ට පමණක් වන බව ද ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තවද Protection Visa සදහා නොමිලේම උපදෙස් ලබා ගැනීමට සංක්‍රමණිකයින්ට අවස්ථාව හිමිවන අතර ඒ සදහා ස්වදේශ කටයුතු වෙබ් අඩවියට පිවිසීමෙන් අවස්ථාව හිමිවනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »