ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු මාධ්‍ය වර්ජනය කරන බවට චෝදනාවක් මතුව තිබෙනවා.
පසුගිය සෙනසුරාදා Boxing day සමගාමී මාධ්‍ය හමුවකදී රවී ජඩේජා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම තත්වය උත්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියානු දඟ පන්දු යවන ක්‍රීඩක ජඩේජා සමඟ ප්‍රාදේශීය මාධ්‍ය හමුවකට ආරාධනා කළ නමුත් ඔහු එහිදි අසන ලද ප්‍රශ්නවලට හින්දි භාෂාවෙන් පමණක් පිළිතුරු දුන් බව සදහන් වනවා.
විරාත් කෝලි ගුවන් තොටුපලේදී මාධ්‍යවේදියෙකු සමඟ
ඇති කරගත් බහින්බස්වීම හමුවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙලෙස ඔස්ට්‍රේලියානු මාධ්‍ය වර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ජඩේජාගේ පිළිතුරු කිසිවක් ඉංග්‍රීසි භාෂාවෙන් නොතිබූ අතර ඉක්මනින් මාධ්‍ය හමුව අවසන් කිරීමටද පියවර ගෙන තිබුණා.
ඉන්දීය මාධ්‍ය කණ්ඩායම පසුව වාර්තාකරුවන්ට පැවසුවේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ආරාධනා කර ඇති නමුත්, එම සමුළුව සංචාරක ඉන්දීය මාධ්‍ය සඳහා පමණක් වලංගු බවයි.
ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදින් එහිදි අපට ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහා ඉංග්‍රීසි හඩපටයක් ලබා දෙන ලෙස ඉල්ලුවද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.