සේවක හිගය මගහරවාලීම සඳහා කුසපත් ඇදීම් ක්‍රමයක් පදනම් කරගත් වීසා කාණ්ඩයක් වන Pacific Engagement Visa හි දෙවන අදියරේ කුසපත් ඇදීමේ ජනවාරි 6 වනදා සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව වසරකට පැසිෆික් දූපත් රාජ්‍යයන්හි පුද්ගලයන් 3,000 කට මෙරට ස්ථිර පදිංචිය ලබාදීමට නියමිතයි.
Pacific Engagement Visa ලෙස නම් කර ඇති මෙම වීසා කාණ්ඩය අධියර 02 ක් යටතේ ක්‍රියාත්මක වන අතර දෙවන අදියර ලබන වසරේ ආරම්භ වනු ඇති.
දෙවන අදියර Solomon Islands, Tonga, Timor-Leste, Vanuatu, Fiji, Tuvalu සහ Nauru යන රාජ්‍යයන් හි දැනටමත් ලියාපදිංචි වී ඇති අයගෙන් තේරීම් සිදු කෙරේ.
පළමුවෙන් අදාළ පැසිෆික් රටවල පුද්ගලයන් ඩොලර් 25 ක මුදලක් ගෙවා ලියාපදිංචි විය යුතුයි.
අනතුරුව කුසපත් ඇදීමක් හරහා තෝරාගන්නා පිරිස් සඳහා පමණක් වීසා සඳහා ඉල්ලුම් කිරීමට ඉඩකඩ හිමිවනවා.
වයස අවුරුදු 18 ත් 45 ත් අතර වීම / ඉංග්‍රීසි භාෂා නිපුණත්වය / යහපත් චරිතයක් සහ සෞඛ්‍ය තත්වයකින් පසුවීම මූලික අවශ්‍යතා වනවා.
සුදුසුකම් සහිත පුද්ගලයන්ට පවුලේ සාමාජිකයන්ද සමග ඔස්ට්‍රේලියාවට පැමිණ ස්ථිරවම පදිංචි විය හැකියි.