වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වෙත මේ වන විට බලපා තිබෙන ලැව් ගිනි තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ සංචාරක ක්ෂේත්‍රයේ කඩා වැටීමක් පෙන්නුම් කෙරෙනවා.
ඒ අනුව ලැව් ගිනි තත්වයන් හේතුවෙන් Halls Gap කලාපය වසා දැමීමත් සමග දිනකට ඩොලර් මිලියන 1.9 ක පමණ පාඩුවක් සිදුවන බවයි Grampians හි සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් පෙන්වා දී ඇත්තේ.
පවතින ලැව් ගිනි තත්වය සැලකිල්ලට ගනිමින් ඉකුත් සිකුරාදා දින සිට Grampians ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් කලාපීය සංචාරක ක්ෂේත්‍රය වෙත විශාල බලපෑමක් එල්ල වී ඇතැයි සදහන්.
කලාපයේ සංචාරක ආකර්ෂණය උපරිම වශයෙන් පවතින කාල සීමාව තුළ මෙම ලැව් ගිනි තත්වය ඇතිවී තිබෙන බවයි කලාපීය සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් අවධාරණය කර ඇත්තේ.
Halls Gap කලාපය සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේ දී කාර්යබහුල වන බවයි Grampians – Wimmera – Malle හි සංචාරක ප්‍රධාන විධායක මාර්ක් ස්ලීමන් විසින් පෙන්වා දී ඇත්තේ.
කලාපීය සංචාරක ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සදහා රජයේ මැදිහත් වීම අවශ්‍ය බවයි ඔහුගේ අදහස වී තිබෙන්නේ.
මෙවැනි පසුබිමක් තුළ Grampians කලාපය තුළ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය හේතුවෙන් එම ප්‍රදේශ වාසීන්ට නත්තල් දිනයේදී ද නිවාස වලින් බැහැරව සිටීමට සිදු ව තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.