Search

ගෘහස්ත හිංසන වින්දිතයන්ට දෙන Safe Phones සදහා ඉල්ලුම ඉහළට

ගෘහස්ත හිංසනයන්ට ගොදුරු වූවන් සදහා ලබාදෙන “Safe Phones” සදහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

2015 වසරේ සිට විශේෂඥ සේවාවන් 300 ක් හරහා ජාතික වශයෙන් Safe Phones 47,000 ක් පමණ වින්දිතයන් වෙනුවෙන් ලබා දී තිබෙන බවයි දැක්වෙන්නේ.

මෙලෙස Safe Phone ලබා දෙන ආයතනයක් වන Wesnet හි ප්‍රධාන විධායක කැරන් බෙන්ට්ලි විසින් පෙන්වා දී ඇත්තේ නාගරික කලාපවලට සාපේක්ෂව ප්‍රාදේශීය කලාපවල Safe Phones සදහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර නවතම අපරාධ සංඛ්‍යා ලේඛන ඒජන්සි දත්ත වාර්තා හරහා අනාවරණය වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාර්තා වී ඇති පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ක්‍රියාකාරකම් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබෙන බවයි.

එම අගය ඔස්සේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුවන පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ක්‍රියාකාරකම් සංඛ්‍යාව වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙන බවයි මෙම දත්ත වාර්තා හරහා පෙන්නුම් කෙරෙන්නේ.

Central Victoria Family Violence Support Service හි Centre for Non Violence (CNV) වැඩසටහන් කලමනාකරු ලෙස කටයුතු කරන Yvette Jaczina විසින් සදහන් කර ඇත්තේ ඔවුන් විසින් වින්දිතයන් වෙත ලබා දෙන “Safe Phones” සදහා සියලුම ආකාරයේ ස්ථාන හදුනා ගැනීමේ යෙදවුම් (Apps) ඇතුලත් කර තිබෙන බවයි.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »