නත්තල් සමයේදී ඔස්ට්‍රේලියානුවන්ගේ ත්‍යාග තෝරාගැනීමේ පුරුදු වෙනස් වී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම මීට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව මෙවර නත්තල් සමයේ දී ඇතැම් පවුල් මිල අධික සෙල්ලම් බඩු වැනි ත්‍යාග වෙනුවට සපත්තු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ත්‍යාග ලෙස ලබා දීම වැඩි වශයෙන් සිදුවනු ඇතැයි දැක්වෙනවා.
නත්තල් සමයේදී බොහෝ දෙනෙක් ආතතියෙන් යුතුව කටයුතු කරන බවද එහි වැඩිදුරටත් සදහන්.
මේ අතර ඇතැම් පවුල්වලට නත්තල් දින දිවා ආහාරය හෝ රාත්‍රී භෝජන සංග්‍රහය පවා ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.
දෙමව්පියන් විසින් ඔවුන්ගේ සිතුම් පැතුම් පසෙකලා දරුවන් වෙනුවෙන් නත්තලක් ලබා දීමට ඔවුන් උත්සහ කරන බවයි දැක්වෙන්නේ.
Salvation Army Minister ග්‍රැහැම් කෙනඩි විසින් සදහන් කර ඇත්තේ මෙම වසරේදී ඔවුන්ගේ සේවාවන් ලබා ගන්න පුද්ගලයන් සහ පවුල් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
Salvation Army විසින් ක්‍රියාත්මක කරන “Christmas Cheer” වැඩසටහන හරහා දින දෙකක කාලසීමාවක් තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat හි පවුල් 400 ක් සදහා ආධාර ලබා දී ඇතැයි ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.