Search

පැසිෆික් රාජ්‍යයකට ඔස්ට්‍රේලියාවෙන් ඇදහිය නොහැකි ආධාර මුදලක්

වනුවාටු වෙත අමතර ඩොලර් මිලියන 5 ක මානුෂීය ආධාර මුදලක් ලබා දීම ඔස්ට්‍රේලියානු රජය විසින් පියවර ගෙන තිබෙනවා.

වනුවාටු වෙත ඉකුත් දා බලපෑ දරුණු භූ කම්පන තත්වය හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය ආධාර සදහා ඔස්ට්‍රේලියානු රජය මේ වනවිටත් ඩොලර් බිලියන 2 ක් පමණ වනවාටු වෙත ලබා දී තිබෙන බවයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් ඊයේ (22) තවත් ඩොලර් මිලියන 5 ක ආධාර පැකේජයක් වනුවාටු වෙත ලබාදීමට ෆෙඩරල් රජය විසින් තීරණය කර තිබීම ද කැපී පෙනෙනවා.

එම ආධාර මුදලින් ඩොලර් මිලියන 2.5 ක් පමණ වෛද්‍ය ප්‍රතිකාර, පානිය ජල සැපයුම් සහ සනීපාරක්ෂක සේවාවන් සදහා වෙන්කර තිබෙන බව ද සදහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව පෙන්වා දෙන්නේ වනුවාටු වෙත බලපෑ ඇති භූ කම්පන තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 1000 ක් පමණ අවතැන් වී ඇති බවයි.

එමෙන්ම පුද්ගලයන් 20,000 ක් පමණ පිරිසිදු ජලය ලබා ගැනීමේ ගැටළුවලට මුහුණ දී සිටින බවයි එම ඇස්තමේන්තුවල දැක්වෙන්නේ.

මීට අමතරව ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය වනුවාටු රතු කුරුස සංවිධානය සමග එක්ව නවාතැන්, ප්‍රථමාධාර සහ වෙනත් අවශ්‍ය ද්‍රව්‍ය අවතැන් වූවන්ට ලබා දීම සදහා කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »