ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත තුළ සිටින බැටළුවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
Australia Wool Innovation (AWI) විසින් මෙම දත්ත වාර්තාව නිකුත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව වැඩිම බැටළුවන් සංඛ්‍යාවක් සිටින ප්‍රාන්තය බවට නිව් සවුත් වේල්ස් පත්ව තිබෙන අතර ප්‍රාන්තය තුළ බැටළුවන් මිලියන 21.5 ක් පමණ සිටින බවයි එහි සදහන් වන්නේ.
එහි දෙවන ස්ථානය වික්ටෝරියා ප්‍රාන්තයට හිමිව තිබෙන පසුබිමක වික්ටෝරියා හි මිලියන 17 ක බැටළුවන් ප්‍රමාණයක් වාසය කරන බවයි එම දත්ත වාර්තා ඔස්සේ පෙන්වා දී ඇත්තේ.
ලැයිස්තුවේ තෙවන ස්ථානය බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ලැබී ඇති අතර එහි බැටළුවන් මිලියන 14.1 ක ප්‍රමාණයක් සිටින බව ද සදහන්.
මිලියන 11.2 ක බැටළුවන් සංඛ්‍යාව සිටින දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට මෙහි සිව් වන ස්ථානය හිමි වෙද්දී මිලියන 2.7 ක බැටළු ගහණයක් සහිත ටස්මේනියා ප්‍රාන්තයට මෙහි පස් වන ස්ථානය හිමි වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ මිලියන 2 ක බැටළුවන් ප්‍රමාණයක් වාසය කරන බවයු එම දත්ත වාර්තා හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.