මෙම වර්ෂයේ මේ දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,900,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව 2024 වර්ෂයේ මේ දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි එම දත්ත වාර්තා හරහා පෙන්වා දී ඇත්තේ.
එම සංචාරකයන් ප්‍රමාණය 383,257 ක් පමණ වනවා.
එම ලයිස්තුවේ දෙවන ස්ථානය රුසියාව වෙත හිමිව තිබෙන අතර රුසියානු සංචාරකයන් 180,414 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබීම ද විශේෂත්වයක්.
එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 166,999 ක් පැමිණ තිබෙන බව ද එහි දැක්වෙනවා.
මේ අතර 2024 වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු සංචාරකයන් 76,464 ක් පැමිණ තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධ දත්ත වාර්තාවේ සදහන් ව ඇත්තේ.
එමෙන්ම දෙසැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් 15 වන දා දක්වා ගතවූ කාල සීමාව තුළ ද ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු සංචාරකයන් 5,198 දෙනෙකු පැමිණ තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.