මූල්‍ය කලමනාකරණය කිරීම සම්බන්ධව නොමිලයේ අධ්‍යාපනික දැනුම ලබා දීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව පුරා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.
Ecstra සමාගම විසින් සිදුකරන මෙම වැඩසටහන හරහා සිසුන් 400,000 ක් පමණ අත්‍යවශ්‍ය මූල්‍ය කලමනාකරන පුරුදු සම්බන්ධයෙන් විධිමත් අධ්‍යාපනයක් ලබා තිබීම ද විශේෂත්වයක්.
“Talk Money” නම් මෙම වැඩසටහන 2022 වසරේදී ආරම්භ වී තිබෙන බවයි දැක්වෙන්නේ.
මෙම වැඩසටහන පස් වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් සදහා පැවැත්වෙන බව ද සදහන්.
මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා එම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නොමිලයේ මූල්‍ය අධ්‍යාපනය ලබාදෙන (Face to Face) වැඩසටහන ලෙසයි මෙය හදුන්වන්නේ.
ඒ හරහා දැනට වැඩමුළු 9000 ක් පමණ පවත්වා ඇති අතර සිසුන් 400,000 කට පමණ මූල්‍ය අධ්‍යාපනික දැනුම නොමිලයේ ලබා දී තිබීම ද කැපී පෙනෙනවා.