සිඩ්නි හි Olympic Park අසල ලැව් ගින්නක් ඇති වී තිබෙනවා.
Holker වීදිය අසල මෙම ලැව් ගින්න ඇතිවී තිබෙන බවයි දැක්වෙන්නේ.
මේ වනවිට ගිනි නිවන රථ 6 ක් සහ ගිනි නිවන භටයින් 22 ක් පමණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් Hill මාර්ගය දෙපසින්ම වසා දමා තිබෙන බවයි දැක්වෙන්නේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය ද එම රාජකාරී කටයුතු සදහා යොදවා ඇති බව ද සදහන්.
“Hazards Near Me” යෙදුම (App) හරහා ලබාදෙන යාවත්කාලීන තොරතුරු පිළිබදව අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් විසින් ප්‍රදේශ වාසීන් වෙත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.